ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නා ලෙස මානව හිමිකම් කොමිසම රජයට කියයි

ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නා ලෙස මානව හිමිකම් කොමිසම රජයට කියයි

ශ්‍රී ලංකා රජය විසින් යෝජිත ත්‍රස්ත විරෝධී පනත මගින් මූලික මානව හිමිකම් ක්‍රමානුකූලව උල්ලංඝණය කිරීමට බලධාරීන්ට බලය ලබා දෙන බව හියුමන් රයිට්ස් පැවසුවේ අදාල කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

ත්‍රස්තවාදයට එරෙහි ඕනෑම පනතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කරන බවට උපදේශන හරහා සහතික කරන ලෙස අයිතිවාසිකම් කණ්ඩායම රජයෙන් ඉල්ලා සිටියේය.

පවතින ත්‍රස්ත මර්දන නීති යටතේ සිදුවන අපයෝජනයන් පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර විවේචනවලින් පසුව වැඩිදියුණු කළ නීතියක් සම්මත කිරීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිඥා දී තිබියදීත්, HRW ප්‍රකාශ කළේ, නව පනත් කෙටුම්පත මගින් ගැටලු විසඳීම වෙනුවට ත්‍රස්තවාදයේ නිර්වචනය දේපල හානි වැනි අපරාධ ඇතුළත් කිරීමට පුළුල් කරන බවයි.

Share this: