තහනම නොතකා යාපනය සරසවියේ මහවිරු සැමරුමක්

තහනම නොතකා යාපනය සරසවියේ මහවිරු සැමරුමක්

යාපනය විශ්වවිද්‍යාලය පනවා තිබූ තහනම් නියෝගය කඩ කරමින් ඊයේ (27 වැනිදා) පෙරවරුවේ විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එල්. ටී. ටී. ඊ. මහවිරු සැමරුම් උත්සවය ඉහළින් සමරා ඇත

මහවිරු සැමරුම් උත්සවය විශ්වවිද්‍යාල භූමිය තුළ නොපවත්වන ලෙස එහි උපකුලපතිවරයා ඇතුළු පාලන අධිකාරිය විසින් තහනම් නියෝගයක් පනවා තිබිණි. එම තහනම් නියෝගය කඩ කළ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 කට අධික පිරිසක් ඊයේ පෙරවරුවේ විශ්වවිද්‍යාල භූමියේ පිහිටි විශේෂ ස්මාරකය අසලට රැුස්වී මහවිරු සැමරුම් උත්සවය පවත්වා ඇත.

මහවිරු උළෙල සඳහා පැමිණි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් එක් අයකු මහවිරු උළෙල පිළිබඳව කෙටි දේශනයක්් පැවැත්වීමෙන් අනතුරුව සෙසු සිසුන් එක පෙළට ගොස් මහවිරු උළෙල සමරා විශ්වවිද්‍යාල භූමියෙන් පිටව ගොස් තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ සිටින සිසුන් ඔවුන්ගේ නේවාසිකාගාරවල රැුඳී සිටි අතර මෙවර දෙමළ සිසුන් මහවිරු උළෙල සැමරීම සඳහා ඔවුන්ගේ සහාය ඉල්ලා නොතිබීම විශේෂ සිද්ධියකි.

Share this: