තවම විසඳුමක් ලැබුණේ නෑ – රජිව් විජේසිංහ

තවම විසඳුමක් ලැබුණේ නෑ – රජිව් විජේසිංහ

සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහන් කරමින් යැවූ ලිපියට තමන් හට මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති රජිව් විජේසිංහ මහතා පවසයිග

දැන් පවත්නා තත්ත්වය අනූව වැඩ කිරීමට නොහැකි මෙම ලිපියෙන් අමාත්‍යවරයා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දි ඇතග

රජිව් විජේසිංහ මහතාද තනතුරින් ඉවත් වන බව වාර්තා වුයේ ක්ෂණිකා හි‍රිඹු‍ෙර්ගම මහත්මිය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදී දින කිහිපයකට පසුව බව පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය වියග

මේ ගැන තවදුරට අමාත්‍යවරයා කියා සිටියේ කබීර් හෂීම් අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත තමන්ට එම ලිපිය යැවීමට සිදු වූ බවයිග

කබීර් හෂීම් විසින් ක්ෂණිකා හි‍රි‍ඹුරේගමට තනතුරින් ඉවත් වන ලෙසට දැනුම්දීම තමා අදාළ අමාත්‍යංශයේ ඇමතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පිටින් ලබාදුන් නියෝගයක් ලෙස සලකන බව ඒ මහතා පැවසීයග

ඒ අනූව තමා යටතේ සිටින අයෙකුට ඉවත් වන ලෙසට බාහිර බලපෑම් පැමිණීම අනුමත නොකරන බවත්ල තමාගේ ලේකම්ට වෙනත් පුද්ගලයින් අණදීම සුදුසු නැති බවත් ඔහු කියා සිටියේයග

කැබිනට් ඇමති ධූරයක් නොලැබීම ගැනත් තමාට ප්‍රසාදයක් නැතැයි හෙතෙම අනාවරණය කළේයග

අගමැතිවරයා ද මේ ගැන නිශ්චිතව දැනගෙන සිටින බවක් පෙනෙන්නට නැති නමුත් අද එජාපයට අවශ්‍ය වී ඇත්තේ අලුත් ආණ්ඩුවේ කැබිනට්ටුව එජාපයේ කැබිනට්ටුවක් බවට පත්කර ගැනීම යැයි ඔහු පැවසීයග

මේ නිසා තමාට මෙන්ම වසන්ත සේනානායකට ෆයිසර් මුස්තාෆාට කැබිනට් ඇමතිධූර නොලැබීම පෙන්වාදිය හැකි යැයි හෙතෙම සඳහන් කළේයග

මෙවන් කාරණා නිසා ප්‍රතිපත්තියක් නැතිව වැඩ කිරීමට නොහැකි බවද පැවසූ රජිව විජේසිංහ මහතා මෙය යහපාලනයට විශාල ගැටලුවක් බවද කියා සිටියේයග

Share this: