තවමත් අභිරහසක් වූ හබරණ හස්ති ඛේදවාචකය

තවමත් අභිරහසක් වූ හබරණ හස්ති ඛේදවාචකය

හබරණ, හිරිවඩුන්න, තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් හත් දෙනෙකු අභිරහස් ලෙස මියයාමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය කරගෙන නැතැයි වනජීවී පශූ වෛද්‍ය චන්දන ජයසිංහ පවසයි.

ඔහු ප්‍රකාශ කළේ මියගිය ඇතින්නියන්ගේ ශරීරයෙහි යම් විෂක් ඇතුලත්ව ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි.

එහෙත්, එය තහවුරු කිරීමට තවදුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බව පශූ වෛද්‍යවරයා සදහක් කරයි.

එලෙස විෂ ශරීරගත වීමක් සිදුව ඇත්තේ කිසියම් පුද්ගලයෙකු ලබාදුන් ආහාර මගින් යැයි තහවුරු කිරීමට ද ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

රටම කම්පා කළ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබාදිය යුතු බවයි පරිසර සංවිධාන පවසන්නේ.

මියගිය ඇතින්නියන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්‍ෂක වෙත ද යොමුකර තිබේ.

Share this: