තවදුරටත් ෆුල් ෆේස් හෙල්මට්

තවදුරටත් ෆුල් ෆේස් හෙල්මට්

සම්පූර්ණ මුහුණු ආවර්ණය වන පරිදි හිස්වැසුම් භාවිතා කිරිම තහනම් කරමින් පොලිසිය පැනවූ නියෝගය ක්‍රියාත්මකවීම වලක්වාලමින් අභියාචනාධිකරණය පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇත.

අද(13) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය විසින් ලබන සැප්තැම්බර් 02 වන දින දක්වා අදාළ තහනම් නියෝගය දීර්ඝ කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව සම්පූර්ණ මුහුණු ආවර්ණය වන පරිදි හිස් වැසුම් භාවිතා කිරිම තහනම් කිරිමට පොලිසිය ගෙන ඇති තීන්දුවට එරෙහිව යතුරුපැදිකරුවන් පිරිසක් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොණු කර තිබුණි.

පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට විරෝධතා ගොණු කිරිමට කල්ලබාදී ඇති අතර, අදාළ නඩුව යළි ලබන සැප්තැම්බර් මස 01 වන දින විභාග කිරිමට නියෝග කළ බව වාර්තා වේ.

Share this: