ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) සඳහන් කරන්නේ, ප්‍රධාන බස් නැවතුම් පොළ සහ දුම්රිය ස්ථාන 33ක් සදහා මේ වන විට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දී ඇති බවයි.
මෙම වයිෆයි පහසුකම් ස්ථාපිත කර තිබෙන ස්ථානනම්, කොළඹ, ගම්පහ, මාතර, පොළොන්නරුව, යාපනය, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය, යන නගර වල වේ.
තවද මෙම නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වයිෆයි කලාප දහසක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මෙය සිදු කරන බවත් පොදු ප්‍රවාහන සේවාවන් සදහා ජනතාව වැඩි වශයෙන් යොමු වන අවධියක මගී ජනතාවට මෙය මහත් වාසියක් බවත් නියෝජිතායතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා පැවසීය.
මේ අනුව නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙන පොදු ස්ථාන ගණන 105කි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙම නොමිලේ වයි-ෆයි පහසුකම ලබා දීම නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර දකුණු ආසියාතික රටවල් අතරින් මෙවැනි පහසුකමක් ජනතාවට ලබා දෙන ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පැවසේ.
ජාතියේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියෙහි දිසා දක්වන්නා වූ ශ්‍රී ලංකාවේ එකම මුදුන් ආයතනය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය වන අතර සම්පූර්ණ රාජ්‍ය ආයතනයක් වන ICTA ඉ-ශ්‍රී ලංකා මෙහෙය ක්‍රියාත්මක කිරීමේ සංවිධානය ලෙස ක්‍රියා කරයි.