තවත් පාසල් සිසුවියක් ගොඩනැගිල්ලකින් බිමට

තවත් පාසල් සිසුවියක් ගොඩනැගිල්ලකින් බිමට

මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් පැන තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අදාළ දැරිය මැයි 09 වැනිදා පෙරවරු 11.30 ට පමණ පාසල් පරිශ්‍රය තුළ පිහිටි ගොඩනැගිල්ලක පළමු මහලේ සිට අඩි 15කට ආසන්න උසකින් පැන ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ ඇය මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලයේ ද සාමාජිකයෙකු වන මෙම සිසුවා කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

අදාළ සිසුවියගේ දෙමාපියන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඇය අමතක වීමේ රෝගයෙන් පෙළෙන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this: