අද අළුයම 04 .15 ට පමණ ඝාතනයට ලක්වූ තරුණයාගේ පියා අවමංගල උත්සවයකට සහභාගී වී ආපසු නිවස පැමිණි අවස්ථාවේදී තම පුතු නිවස ඉදිරිපිට වෙඩි වැදී වැටී සිටිනු දැක ඇති බව සඳහන්ය.
ඒ අනුව පියා විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට පැමිණිලි කර තිබේ.
මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙකි.
රාත්‍රි කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැක පල කරන අතර ඉංගිරිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share this: