තලේබාන් පාලනය විසින් රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන කාන්තාවන් ඇෆ්ගනිස්ථානයේ සේවය කිරීම තහනම් කරයි.
ඉස්ලාමීය පාලකයන් කියා සිටියේ රාජ්‍ය නොවන සංවිධානවල සේවකයින් හිජාබයක් නොපැළඳීමෙන් සහිරා නීතිය උල්ලංඝනය කළ නිසා මෙම පියවර ගත් බවයි.
ජාතික හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වෙත ලිපියක් යොමු කරමින් ආර්ථික අමාත්‍යාංශය විසින් එම නියෝගය දැනුම් දී ඇති බව වාර්තා වේ.
එම නියෝගය ක්‍රියාත්මක නොකළහොත් එම සංවිධානවල බලපත්‍ර අහෝසි කරන බවද එම ලිපියේ සඳහන් වේ.
එම නියෝගයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විරෝධය ද එල්ල වී ඇත.
Share this: