තරුණ තරුණියනට රුපියල් 50,000 බැගින් ලබාදෙවා

තරුණ තරුණියනට රුපියල් 50,000 බැගින් ලබාදෙවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, සන්ධානය යනු එක්සත් ජාතික පක්ෂය වගේ කැඳහැළියක් නොවන බවත්, එහි ඇත්තේ එක පිළක් බවත්ය.

“එක පිලයි එක රටයි” එම පිළ බවද හිටපු ජනාධිපතිවරයා හෙන්රිප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ‍එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් කියා සිටියේය.

පවත්නා මැතිවරණ ක්‍රම වෙනුවට රටට නව මැතිවරණ ක්‍රම හඳුන්වා දෙන බවද, මාස 6ක් ඇතුළත නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවද, කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා ගම්සභා ක්‍රමය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන බවද මෙහිදී පැවසුවේය.

කොටින්ම, අසමත් රාජ්‍යයේ සිට සමත් රාජ්‍යයක් අතරට ශ්‍රී ලංකාව ගෙනගිය බව කියා සිටි හිටපු ජනාධිපතිවරයා රනිල් මේ ර‍ටට එක ජයග්‍රහණයක් හෝ ගෙනත් දී තිබේද ලෙසත් එහිදී විමසා සිටියේය.

කොටස් වෙළඳපොළ කඩා වැටී ඇති බවත්, ව්‍යාපාරිකයින්ට අවශ්‍ය දිරිදීම් මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බවද, වයස අවුරුදු 18 වැඩි තරුණයෙකුට හා තරුණියකට රුපියල් 50,000 බැගින් ලබාදෙන බවද ඒ මහතා කියා සිටියේය.

එසේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන සිසුන්ට රුපියල් 10,000ක් ලබාදීමට ද මහපොළ දීමනාව රුපියල් 6000 දක්වා වැඩි කරන බවට ඔහු පොරුන්දු විය.

අපි බාරගන්නා විට සියයට 3ක් වූ පරිගණක සාක්ෂරතාව දැන් ඊටත් වඩා වැඩි බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මැතිවරණයේදී පරිගණක ඥානයෙන් අපිටත් ෆේස්බුක් හරහා පාඩමක් උගෙනීමට හැකිවූ බවත්, ඒ මහතා මෙහිදී කියා සිටියේය.

තවද සෑම නිවසකටම බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබාදී තරුණ පරපුර ඔන්ලයින් වෙළඳපොළට ඇතුළු කිරීමට බලාපොරොත්තු වෙන බවත්, රට නවීකරණයට තරුණයා එක්ක යන ගමනක් ආරම්භ කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස කොත්තමල්ලි සහ කහ අඩු කළ අය වැයක් අපි ‍නොගෙන එන බවත්, අපි හදන්නේ සහල් මිලේ සිට කුකුළු මස් මිල දක්වා ආහාර ද්‍රව්‍යවලට සාධාරණ මිලක් නියම කිරීමට බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.

සෑම පවුලකටම නිවසක් ලබාදෙන්න බවත්, මධ්‍යම පන්තියේ අයට ගෙයක් තනාගැනීමේ සිහිනය තවදුරටත් සිහිනයක් නොකරන බවද කියා සිටි ඒ මහතා සිය රජය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 58,000ක් නැවතී ඇති බවත්, එය නැවත අරම්බකරන බවත් පැවසිය.

තමාගේ විශ්වාසය රට අවුරුදු 25ක් ආපස්සට හැරවුණ බව යැයිද ඔහු කියා සිටියේය.

Share this: