තරුණ ගුරුවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අප්‍රේල් 17 වැනිදා මෙම සිද්ධිය වී ඇත්තේ පාසල වසා දමා තිබියදී 60 හැවිරිදි විදුහල්පතිවරයා විසින් 22 හැවිරිදි ගුරුවරියට විශේෂ කාර්යයක් සඳහා පාසලට පැමිණෙන ලෙස දැනුම් දීමත් සමඟය.
එම කාර්යය නිම කිරීමෙන් පසු විදුහල්පතිවරයා ගුරුවරියට අනිසි ලෙස වැළඳගෙන ලිංගික අතවර කර ඇති අතර පසුව එම තරුණිය පාසලෙන් පැන ගොස් ඇත.
සිද්ධිය වූ විගස ඇය මිනුවන්ගොඩ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ශාඛාවට පැමිණිල්ලක් කළ අතර පසුව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, වින්දිත ගුරුවරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක්කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සහ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ශාඛාව මගින් සිදු කෙරේ.
Share this: