රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමට තැත් කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ෆේස් බුක් එකේ තරුණියක ලෙස පෙනී සිට පෞද්ගලික ආයතනයක ඉහළ නිලධාරියකුගෙන් ලක්ෂ 20ක් මෙලෙස ලබාගෙන තිබේ.
මෙම තිදෙනා එම ගිණුම භාවිත කරන්නිය බව පවසමින් මුලින් තරුණියකගේ ඡායාරූප යවා නිලධාරියා සමඟ සබඳතාවක් ගොඩනඟා ගෙන ඇති අතර පසුව එම නිලධාරියාගෙන් පැහැදිලි ඡායාරූප ලබාගෙන පසුව ඒවා ඔහුව බ්ලැක්මේල් කිරීමට යොදා ගෙන ඇත.
සැකකරුවන් ඔහුට කිසියම් ස්ථානයකට පැමිණෙන ලෙස දන්වා ඇති අතර, කප්පම් මුදල නොගෙවන්නේ නම් ඔහුගේ පැහැදිලි ඡායාරූප ඔහුගේ බිරිඳට, දරුවන්ට සහ සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජනය කර ඇත.
Share this: