තරිඳු කෞෂාල් දෑල ඉවත්වෙයි

තරිඳු කෞෂාල් දෑල ඉවත්වෙයි

තරිඳු කෞෂාල් දෑල මහතා දළදා මාළිගාවේ දියවඩන නිලමේ තෝරාගැනීමේ නිලවරණයෙන් ඉවත්ව තිබේ.

විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසුව ඔහු මෙලෙස ඉවත්ව ඇති අතර, ප්‍රදීප් නිලංග දෑල, නෙරංජන් විජේරත්න හා ගයාන් හීන්කෙන්ද යන අය නිලවරණයට ඉදිරිපත්ව සිටින සෙසු තිදෙනා වේ.

නාමයෝජනා ස්ථීර කිරීමට කිසිවෙකු නොසිටි නිසා චමිල කෝනාර සහ සුදන්ත සේනානායක යන අපේක්ෂකයින් දෙදෙනා මීට පෙර ඉවත්ව ගොස් ඇත.

Share this: