පෙම්වතුන් වෙනුවෙන් විශේෂ දින වෙන් කරන සන්දර්භය තුළ එක් දිනකට සීමා නොවූ ආදර කතාවක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ගුරු යුවළක් වන චමරි ඉෂානි සහ සතිර මධුශංක වසර නවයක ආදර කතාවකින් පසු 2018 වසරේදී විවාහ විය.
එහෙත් විවාහ වී වසරක් ගෙවී ගිය එක් දෛවෝපගත දිනයක රිය අනතුරකට ලක්වීමේ අවාසනාවන්ත සිදුවීමක් චමරිට සිදු විය.
රෝහලේ මාස තුනක් කෝමා තත්ත්වයෙන් සිටි චමරි එතැන් සිට රෝද පුටුවට සීමා වී ඇත.
එතැන් සිට චමරිට කතා කිරීමට නොහැකි වූ අතර, අද වන විට අනතුර සිදුවී වසර 3කට පසු චමරිට තම නම යාන්තමට කියා ගත හැක්කේ චමරිව යළි දෙපයින් තබා ගැනීමට සතිර කළ විශාල කැපකිරීම් නිසාය.
එදා සිට මේ දක්වා ඔවුන් වාද නොකර අඹුසැමියන් ලෙස කටයුතු කළේ සතුට යනු භෞතික දේ පමණක් නොවන බව ලොවට පෙන්වමිනි.
Share this: