තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනපති පිළිතුරු දෙයි

තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනපති පිළිතුරු දෙයි

වත්මන් රජයේ සාමාජිකයින් විසින් තමන් සම්බන්ධයෙන් සාවද්‍ය හා නොමඟ යවන සුළු ප්‍රකාශ දිගින් දිගටම දිසු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එමඟින් ජනතාව නොමඟ යාම වැලැක්වීම සඳහා ඊට ප්‍රතිචාර ලෙස මෙම නිවේදනය නිකුත් කරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් යොමු කළ අදාළ නිවේදනය පහත පරිදි වේ.

“ මාගේ රජය විස්න 2015 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට කෝටි 10,000ක මුදලක් වෙන් කර තිබුණු බවත්, නව රජය එය කෝටි 272 දක්වා අඩු කර ඉතිරි සියල්ල ජනතාවට සහන ලබා දීම සඳහා නිදහස් කළ බවත් එක්තරා වැඩසටහනකදී කියවුණි. ජනාදිපති ලේකම් කාර්යාලය සඳහා කෝටි 10,000ක මුදලක් කිසිදින වෙන් නොකළ බව මම වගකීමෙන් කියමි. 2015 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන ලද මුලු මුදල කෝටි 959කි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබඳ කමිටුව ඇතුළු රජයේ ආයතන 25ක් ජනාදිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වේ. හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වියදම් වැටෙන්නේද ජනාධිපති ලේකම් කාර්යාලය යටතටය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලනමය අංශය ඒ සියලු ආයතනවලට සේවා සපයන අතර අදාළ මුදල්වලින් වැඩි කොටස වැය වන්නේ ඒ සඳහාය. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වෙන් කරන මුදල් සියල්ල වැය වන්නේ ජනාධිපතිවරයාගේ නඩත්තුව සඳහා නොවේ.

ජනාදිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් 2015 සඳහා වෙන්කර තිබුණු මුදල රු. කෝටි 375කි. මෙය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට වැටෙන වියදම්වලින් එක් අංශයක් පමණක් බව සැලකිය යුතුය. මෙකී මුදලින් කොට් 100ක්ම වෙන් කර තිබුනේ දිවයිනේ විවිධ ප්‍ර දේශවල ජනාධිපතිවරයාගේ මැදිමහත් වීමෙන් ඉනතාවගේ සුබ සෙත සඳහා බදි කෙරෙන විවිධ සුළු ව්‍යාපෘති සඳහාය.මෙම කෝටි 100 ඉවත් කළ විට ජනාධිපතිවරයාගේ කාර්යාලයේ වියදම කෝටි 275 දක්වා අඩු වේ.

මෑතකදී ආණුඩවේ ඇතැම් අය තී තවත් කතාවක් වූයේ මා මගේ භාවිතය සඳහා ජනතාවගේ මුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 16ක් වැය කර විශේෂ ගුවන් යානයක් ඇනවුම් කොට තිබුණු බවත් එය භාර ගැනීම නව රජය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ගුවන්යානා අමතර කොටස් ගැනීමට සැලසුම් කර තිබෙන බවත්ය.මාගේ භාවිතය සඳහා කිසිදු විශේෂ ගුවන් යානයක් ඇනවුම් කොට නොතිබූ බව මම ප්‍රකාශ කරමි.ශ්‍රී ලංකන් ගුවන් සාමගම විසින් එයාර් බස් ගුවන් සමාගමෙන් නව ගුවන් යානා මිලදී ගන්නා විට එකී සාමගම විසින් අවශ්‍ය වූ විට ඔවුන්ගේ ගුවන් යානාවල සාමාන්‍ය ආසන කිහිපයක් ඉවත් කොට විශේෂ මගීන් සඳහා විවිධ පහසුකම් සහිත විශේෂ කුටියක් ලෙස සැකසිය හැකි පරිවර්තන කට්ටලයක් ගැනුම්කරුවන්ට දෙන තිළිණයක් ලෙස ඇතුළත් කොට තිබුණි. ඩොලර් මිලියන 15ක් ලෙස එහි සඳහන් වුයේ එම කට්ටල සඳහා නිශ්පාදකවරයා සඳහන් කරන සංකේතාත්මක වටිනාකම පමණි. එය නොමිලේ ලබා දෙන තිළිණයකි.

රටේ විවධ ස්ථානවල ජනාධිපතිවරයාට තිබෙන නිල නිවාස ගැන සඳහන් කරමින් ඒ සියල්ල මාගේ සුඛවිහරණය සඳහා මා විසින් ඉදි කරන ලද ඒවා හැටියට හුවා දැක්වීමටද උත්සාහයක් ඇති බව පෙනේ.අරලියගහ මන්දිරය හා කොටුවේ ජනාධිපති මන්දිරය එමෙන්ම නුවරඑළියේත්,මහනුවරත් පිහිටි ජනාධිපති මන්දිරද යටත් විජිත සමයේ සිටම මේ රටේ ආණ්ඩු ප්‍රධානීන් විසින් භාවිතා කරන ලදී.අනුරාධපුර, ඇඹිලිපිටිය, මහියංගනය වැනි ස්ථාන වල පිටිහි නිල නිවාස ජනාධිපති ආර්.ප්රේමදාස විසින් ඉදිකරන ලද ඒවාය. මේ එක නිල නිවසක් වත් මාගේ පාලන කාලය තුල ඉදි කළ ඒවා නොවන බව කිව යුතුය. අරලියගහ මන්දිරය,කොටුවේ ජනාධිපති මන්දිරය ඇතුළු වෙනත් නිල නිවාස නුදුරු අනාගතයේදීම මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බවට පුවතක් මම දුටුවෙමි.මා අරලියගහ මන්දිරයේ සිටි කාලයේදීද ඉතා ඈත පිටිසර පළාත් වලින් පාසැල් ළමුන් හා වැඩිහිටියන්ද අරලියගහ මන්දිය නැරඹීමට දහස් ගණනින් පැමිණි බව මතක් කර දිය යුතුය.එසේ පැමිණි අය සමග කතා බස් කිරීමට ලැබීමද මට මහත් සතුටක් වූවාසේම රටේ විවිධ පළාත් වල සංවර්ධන අවශ්‍යතාවයන් ද ඔවුන්ගෙන් ඍජුවම අසා දැනගැනීමටත් මට අවස්ථාව ලැබුණි.අරලියගහ මන්දිරයේ මාගේ පොහොය දින වැඩසටහන්වලටද ජනතාව දහස් ගණනින් සහභාගි විය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පල විය. ඒ අතරතුර ඩිෆෙන්ඩර්ජීප් රථ 22ක් බොරැල්ලෙන් “සොයාගත්“ බවටත් තවත් වාහන 53ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමුවූ බවටත් විවිධ වාර්ථා පල විය. මේවා හමුවූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයන්ය. ඒවා හමුවූයේ ඒවා ඒවා තිබිය යුතු ස්ථානවලින්මය. පිටකෝට්ටේදී හමුවූ අතහැර දමා තිබූ වාහන බොහෝමයක් රජයේ සාමාන්‍ය ක්‍රියා වටිපාටිය පරිදි වෙන්දේසි කළ නොහැක. 1980 දශකය සිට පවතින අධි ආරක්ෂිත වාහනය. මමත් මගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කළ සියළු වාහන නිසි පරිදි භාරදී ඇත. සෙසු වාහන කුමන නිලධාරීන්ට හා ආයතනවලට දී ඇත්දැයිජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලන අංශයේ වාහන ලේකනයේ සඳහන්ව තිබෙනු ඇත.“

Share this: