තජුඩීන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට නියෝග

තජුඩීන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට නියෝග

තජුඩීන් ඝාතනයේ සම්පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇති අතර මරණ පරික්ෂණය සිදුකළ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා විසින් අතුරු වාර්තාවක් පමණක් ඉදිරිපත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් සිව්දෙනෙකු අධිකරණයට කැඳවා සාක්ෂි සටහන් කරගැනීමට අවශ්‍ය බවද නීතිපතිවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදි ප්‍රකාශ කර තිබේ.
නඩුව සැප්තැම්බර් මස 10 වන දින යළි කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර ඇත.

Share this: