ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් ජපන් ආධාර ව්‍යාපෘති 12ක් නවතයි!

ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් ජපන් ආධාර ව්‍යාපෘති 12ක් නවතයි!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතාවක් ඇති කරගන්න තෙක් ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 12 ක් සඳහා යොදවන අරමුදල් සැපයීම අත්හිටුවා ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(20) පාර්ලිමේන්තුවදී ප්‍රකාශ කළේය.

එලෙස අත්හිටුවා ඇති ව්‍යාපෘති අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ද ඇතුලත්  බව නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණී පසු ව්‍යාපෘති සඳහා අරමුදල් නැවත ආරම්භ කිරීමට සූදානම් බව ජයිකා ආයතනය තමා වෙත දැනුම් දුන් බව ඔහු පැවසීය.

Share this: