ඩොලර් මිලියනයක හොර නොට්ටුවක් හමුවේ

ඩොලර් මිලියනයක හොර නොට්ටුවක් හමුවේ

අනුරාධපුර ප්‍රදේශයේ දී අමෙරිකානු ඩොලර් මිලියනයක ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද උදෑසන 8.45ට පමණ අනුරාධපුර බස්නැවතුම්පළ අසල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සැකකරුවන් ව්‍යාජ විදේශ මුදල් නෝට්ටු අලෙවි කිරීමේ ජාවාරමක කාලයක සිට නිරතව සිට ඇති අතර ලද තොරතුරක් මත උපාය දූතයෙක් යොදවා අනුරාධපුර විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් සෙට්ටිකුලම සහ අනුරාධපුර ගම්බිරිගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් හෙට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this: