ඩොලර්වලට අලෙවි වන නිවාසවල අදායම!

ඩොලර්වලට අලෙවි වන නිවාසවල අදායම!

නාගරික සංවර්ධන අධිකාරියට අනුව මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට විකුණන වැඩසටහනක් යටතේ ඩොලර් ලක්ෂ පහකට වැඩි මුදලක් උපයා ඇත.

මෙම වසරේ ඩොලර් 500,000 ක නිවාස අලෙවියක් අපේක්ෂා කරන බවත් වසර අවසන් වන විට එම ඉලක්කය ඉක්මවා යාමට හැකි වනු ඇති බවත් අධිකාරිය පැවසීය.

ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස මධ්‍යම පාන්තික නිවාස විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විකිණීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගත් අතර පළමු නිවාස තොගය පසුගිය සැප්තැම්බර් මාසයේදී අලෙවි විය.

නාගරික සංවර්ධන අධිකාරියට අනුව නිවාස 11 ක් ඩොලර් 100,000 කට විකුණා ඇත.

ඩුබායි, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕමානය, කටාර් සහ ෆීජි දූපත් යන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙම නිවාස මිලදී ගෙන ඇත.

Share this: