2023 වසරේ ගත වූ මාස හතරක කාලය තුළ ඩෙංගු රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) අනතුරු අඟවා ඇත.
ඒ අනුව, මෙම වසරේ පමණක් ඩෙංගු රෝගීන් 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඉන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බවයි SLMA ප්‍රකාශ කළේය.
අදාළ කාලසීමාව තුළ මදුරුවන්ගෙන් බෝවන වෛරසය හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව ද SLMA විසින් රැස් කරන ලද දත්ත මගින් අනාවරණය විය.
SLMA සහකාර ලේකම් වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පසුගිය දිනවල වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පිළිබඳව අදහස් දක්වමින්, තත්ත්වය පාලනය නොකළහොත් වසංගතයක් පැතිර යා හැකි බවට අනතුරු ඇගවීය.
Share this: