ඩිව්ට සුජිව සමග විවාදයකට ආරාධනයක්

ඩිව්ට සුජිව සමග විවාදයකට ආරාධනයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, මහ බැංකු බැදුම්කර සම්බන්ධ කෝප් අතුරු කමිටුවේ වාර්තාව පිළිගත නොහැකි බවයි.

තවද අග්‍රාමත්‍යවරයා අභියෝග කර සිටින්නේ, කෝප් කමිටුවේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිව් ගුණසේකර මහතා සමග ඒ සම්බන්ධයෙන් සුජිව සේනසිංහ මහතා සමග රුපවාහිනි විවාදයකට එන ලෙසයි.

අග්‍රාමාත්‍යවරයා අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේ මහ බැංකු බැදුම්කර සම්බන්ධ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිපත් කළ හැකි වාර්තාවක් ලෙස සකස් කර නොතිබු බවයි.

එසේම ඒ පිළිබද කරනු ලබන පරික්ෂණයට අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමාගෙන්ස කරුණු සටහන් කර ගන්නා ලෙස කිහිප වරක්ම ඉල්ලීමක් කර සිටියද එම අවස්ථාව ලබා නොදුන් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළේය.

Share this: