ඩිංගි යාත්‍රාවේ වැරදි ගමන

ඩිංගි යාත්‍රාවේ වැරදි ගමන

ත්‍රිකුණාමලය, කොරල්පර මුහුදු ප්‍රදේශයේ මැයි මස 02 වැනිදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 25 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී ක්‍රියාවට යොදාගත් ඩිංගි යාත්‍රා පහක් සහ අනවසර ධීවර ආම්පන්න ද අත්අඩංගුවට ගෙන ඇත.

මත්ස්‍ය ගහනයේ තිරසාර පැවැත්මට තර්ජනයක් වන නීති විරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීමේ අරමුණින් නාවික හමුදාව දිවයින වටා වෙරළබඩ සහ මුහුදු ප්‍රදේශවල නිරන්තර මෙහෙයුම් සිදු කරයි.

Share this: