ඩයනා නැවත අප සමග

ඩයනා නැවත අප සමග

බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගාව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ, කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් කුමරියට උපත ලද දරුවාට චාලට් එළිසබෙත් ඩයනා ලෙස නම් කර ඇති බවයි.

කේම්බ්‍රිජ්හි ආධිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් කුමරිය ඇයගේ දෙවන දරුවා ලෙස පසුගිය දින දියණියක් ප්‍රසූත කළ අතර, බකිංහැම් මාලිගාව නිවේදනය කළේ කේට් කුමරියගේ දෙවන දරුවා එරට වේලාවෙන් පෙරවරු 8.34ට බිහි කළ බවය.

රාජකීය පවුලට එකතු වූ අලුත්ම සාමාජිකයාගේ උපත් බර 3.6 කි.ග්‍රෑම් බව සදහන් වේ.

දරු ප්‍රසූතිය සඳහා කේට් කුමරිය මෙවරත් ඇතුළත් කෙරුණේ ඇගේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු උපන් ශාන්ත මරියා රෝහල වෙතටය.

එංගලන්ත වේලාවෙන් පසුගිය 02 වැනි දා අලුයම 6.00 ට පමණ කේට් කුමරිය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share this: