ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියෙක්ද?

ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියෙක්ද?

පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් කියන කාරණදී ඩයනා ගමගේ ඇමතිවරියගේ නමද කියාවී ඇත.

කෙසේ නමුත් ඇය මාධ්‍යයට අදහස් දක්වමින් පසුගිය දවසක  පැවසුවේ තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බවයි.

ඇය එසේ පැවසුවද ඊයේ(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට ලබන මස 10 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස ඊයේ නොතිසි නිකුත් කළා.

ලක්මාල් හේරත් නැමැත්තෙකු විසින් ගොනු කළ නඩුවක් ඊයේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන් අතර එයට හේතුව වුයේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය ගැන විමර්ශන සිදුකිරීමට අපොහොසත් වීමයි.

ඇමතිවරියගේ උප්පැන්න සහතිකය සහ ජාතික හැදුනුම්පත  ව්‍යාජ බවට රාජ්‍ය නිලධාරීන් සාක්ෂි ලබාදී තිබූ අවස්ථාවක එම කාරණය ගැන විමර්ශන නොකිරීම බරපතල රාජකාරී පැහැර හැරීමක් බව පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට පෙන්වා දුන්නේය.

Share this: