දකුණු අප්‍රිකාවෙන් ලෝක ක්‍රිකට් පිටියට දායක වූ ලොව සුපිරි වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඩේල් ස්ටේන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
ස්ටේන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත්තේ 2004 වසරේ දෙසැම්බර් මස 17 වැනිදා එංගලන්තයට එරෙහිව පෝර්ට් එලිසබත් හිදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟයක දී දකුණු අප්‍රිකාවේ 297 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි.
මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟ 93කට සහභාගී වෙමින් ටෙස්ට් කඩුලු 439ක් දවා ගැනීමට ස්ටේන් සමත්ව සිටීයි.
ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 22 . 95ක් වැනි ඉතාමත් විශිෂ්ට මට්ටමක පවත්වා ගෙන සිටින ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන විට ලොව වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන් අතරේ 08 වන ස්ථානයේ පසුවන්නේ එහි ඉදිරියෙන්ම සිටින දකුණු අප්‍රිකානු ජාතික ක්‍රීඩකයා බවට ද පත්වෙමිනි.
මේ වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරඟය පොර්ට් එලිසබත් හිදී පැවැත්වුණු අතර එය ස්ටේන් අවසන් වතාවට ක්‍රීඩා කළ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟයයි.
කෙසේ නමුත් මෑත කාලීනව ශාරීරික ලෙස ඇතිවූ ආබාධයන් කිහිපයක් හේතුවෙන් ස්ටේන්ට සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය.
සෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සීමිත පන්දුවාර තරඟ රටාවන් තුළ ක්‍රීඩා කිරීම සඳහා තමන් තවදුරටත් සූදානමින් සිටින බව 36 හැවිරිදි දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ටෙස්ට් පිටියට සමුදීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබේ.