ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හි රජය සතු කොටස් 2023 ජුනි 15 ට පෙර ඉවත් නොකරන බවට භාණ්ඩාගාර ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.
තවද, දැනට ක්‍රියාත්මක වන කොටස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූල ක්‍රමවේදයන් ඔස්සේ සිදු කරන බවට ද ඔහු පොරොන්දු වී ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (එස්එල්ටී) සහ ලංකා හොස්පිට්ල්ස් පීඑල්සී යන සමාගම් දෙකෙහි භාණ්ඩාගාර ලේකම්වරයා සතු කොටස් ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දුන් බව භාණ්ඩාගාර ලේකම්වරයා මීට පෙර එහි අධ්‍යක්ෂ මණ්ඩලයට දන්වා තිබුණි.
Share this: