ටිපර් රථයක ගැටීමෙන් නාවික සෙබළා මිය යයි

ටිපර් රථයක ගැටීමෙන් නාවික සෙබළා මිය යයි

කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන්කළ නාවික හමුදා සෙබළෙකු සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේය, අද දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම නාවික හමුදා සෙබළා පැදවූ යතුරුපැදිය, ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ සෙබළා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙක් බව පොලිසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share this: