ට්‍රම්ප්ගේ පැමිණිලි විමර්ශනයට නීතිපතිවරයා අවසර දෙයි

ට්‍රම්ප්ගේ පැමිණිලි විමර්ශනයට නීතිපතිවරයා අවසර දෙයි

මෙවර අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී සිදුව ඇතැයි පැවසෙන මැතිවරණ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීමට එරට නීතිපතිවරයා විසින් අවසර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් රිපබ්ලිකන් අපේක්ෂක ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කර ඇති මැතිවරණ වංචා පිළිබඳ පැමිණිලි පදනම් කර ගනිමින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

නීතිපති විලියම් බාර් විසින් මෙම විමර්ශන සිදුකිරීම සඳහා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශයේ මැතිවරණ දූෂණ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයකු වන රිචඩ් පිල්ගර් පත් කර ඇතත් ඔහු එම වගකීම් ප්‍රතික්ෂේප කර ධුරයෙන් ඉවත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් එරට මැතිවරණ නීතියට අනුව මෙම විමර්ශන කඩිනමින් සිදු කෙරෙනු ඇතැයි නීතිපතිවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share this: