ට්‍රක් රථවල සැඟවී දේශසීමා හරහා ගමන් කිරීමට උත්සහ කල ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට!

ට්‍රක් රථවල සැඟවී දේශසීමා හරහා ගමන් කිරීමට උත්සහ කල ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට!

රුමේනියාව හරහා නීතිවිරෝධී ලෙස හංගේරියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සංක්‍රමණිකයන් රුමේනියානු දේශසීමාවේ ට්‍රක් රථ දෙකක සැඟවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

එක් ට්‍රක් රථයක් පරීක්ෂා කිරීමේදී එරිත්‍රියානු සහ බංග්ලාදේශ ජාතිකයින් 17 දෙනෙකු සොයාගෙන ඇත.

පරීක්ෂා කිරීමේදී තවත් ට්‍රක් රථයක ශ්‍රී ලාංකිකයන් සහ පකිස්ථාන ජාතිකයන් 11 දෙනෙකුට වැඩි පිරිසක් සිටි බව වාර්තා වේ.

ඔවුන් වයස අවුරුදු 21ත් 42ත් අතර පසුවන්නන් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව ද එරට පොලීසිය සඳහන් කළේය.

Share this: