අත්අඩංගංවට ගනු ලැබූ සැකකරුවෙක ජ-ඇල පොලිස් ස්ථානය තුල දී මියයාමේ අවාසනාවන සිදුවීමක් ඊයේ(18) වාර්තා විය.
අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පොලිස්පති එන්. කේ.ඉලංගෙකෝන් මහතාගෙන් ඉල්ලීමක් කරමින් කියා අතේ, ජ-ඇල පොලිස් ස්ථානය තුල දී මිය ගිය සැකකරු සම්බන්ධයෙන් විධිමත් මෙන්ම පළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
ඒ මගින් මෙම මරණයට බලපාන හේතු අනාවරණ කර ගැනීම සිදු කළ හැකි බවත්, ප්‍රාදේශිය දේශපාලන බලධාරියා වශෙයන් එය තමන්ගේ යුතුකම බවත්, අමාත්‍යවරයා පෙන්වා දේ.
පොලිසියට මොන ආකාරයෙන් මෙය හදුන්වනු ලැබුව ද පොලිස් අත්අඩංගුවේ සිටියද සිදුවන මෙවැනි මරණයන් නිරන්තරෙයන්ම සමාජයේ සැකයට තුඩුදීම සාධාරණ තත්ත්වයක් බව අමාත්‍යවරයා පවසයි.
නීතිය හා හා සාමය වෙනුවෙන් ක්‍රියාත්මක වන පොලිසිය වැනි ආයතනයක් මෙම සිදුවීම සම්බන්ධයේ පවත්වන නිවැරදිපරීක්ෂණයක් මගින් සිදුවී ඇත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් එවැනි සැකයන් දුරු කල නොහැකි බව, මාධ්‍ය නිවේදනයක් මඟින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සේවය පැහැර හැරීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකුටද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අදාළ සැකකරු ජා ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබියදී ඔහු පොලිස් සිර මැදිරිය තුළ මෙලෙස ගෙල සිරකරගෙන සියදිවි හානිකර ගෙන තිබුණි.