ජොන්ස්ටන්ට එරෙහි දූෂණ නඩුව

ජොන්ස්ටන්ට එරෙහි දූෂණ නඩුව

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය 20 වැනිදා දින නියම කළේය.

ඒ අනුව 20 වැනිදා පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී නඩුවේ පූර්ව නඩු විභාගය පැවැත්වූ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව නොවැම්බර් මස 24 වැනිදා කැඳවීමට නියෝග කළේය.

2010 සිට 2014 දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් ලංකා සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට රුපියල් මිලියන 40ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණා.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා ලෙස සතොස (සමුපකාර තොග ආයතනය) හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු සතොස ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ෂකීර් නම් කර ඇත.

Share this: