තමා අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා මැයි 26 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් (FR) පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) නම් කර ඇත.
තම නීතීඥවරුන් මාර්ගයෙන් FR පෙත්සම ගොනු කළ දේවගැති ප්‍රනාන්දු පවසන්නේ අප්‍රේල් 30 වන දින සිය දේශනය අතරතුර තමන් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුව පරීක්ෂණ සිදුකරන බවයි.
තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය නීතිවිරෝධී බව සලකමින් දේවගැති ප්‍රනාන්දු සඳහන් කළේ තමාගේ ප්‍රකාශය රටේ ආගමික සහජීවනයට තර්ජනයක් වන බවට තහවුරු කිරීමට පොලිසිය කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
එසේ තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට අධිකරණ නියෝගයක් ඉල්ලා සිටින දේවගැති ප්‍රනාන්දු, FR පෙත්සම් විභාගය අවසන් වන තුරු වගඋත්තරකරුවන් විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.