ජෙයරාජ් ඝාතන නව පරීක්ෂණය ස්වාධීන විය යුතුයි – මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ජෙයරාජ් ඝාතන නව පරීක්ෂණය ස්වාධීන විය යුතුයි – මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

හිටපු අමාත්‍ය ජේයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නව රජය විසින් පරික්ෂණයක් කරන බවට ප්‍රකාශයක් සිදු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

එසේම එය සම්පුරනයෙන්ම ස්වාධීන විය යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

ඇය තව දුරටත් අදහස් දක්වමින් පැවසුවේ මහාධිකරණය විසින් තම සැමියාගේ නඩුව විභාග කරමින් තිඛෙන බවයි. ඒ සම්බන්ධයෙන් නව පරික්ෂණයක් ආරම්භ කිරීම තමාගේ අදහසක් නොවන බවත් එය නව රජය විසින් ගෙන ඇති තීරණයක් බවත් ඇය කියා සිටියාය.

නව රජය විසින් අදාළ පරික්ෂණය සිදු කරන්නේනම් එය කිසිවෙකුට මඩ නොගසන, ස්වාධින පරික්ෂණයක් විය යුතු බව ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ අදහස වේ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ පසුගිය කාලයේදී සිදුවූ ඝාතන පිළිබඳව සොයා බැලීමට සහ දැනට ආන්දෝලනාත්මක ඝාතනයක් ලෙස නම් වී තිඛෙන ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ ඝාතනය සිදුවූ ආකාරය පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බව පසුගිය ජනවාරි 21වනදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කර ඇත.

ප්‍රනාන්දුපුල්ලේ මහතා 2008 අප්‍රේල් 06 වැනිදා වැලිවේරියේ කාන්ති ක්‍රීඩාංගණය අසලදී කොටි ත්‍රස්තවාදින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වන විට එවකට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරිකවරයා ලෙසද කටයුතු කරමින් සිටියේය.
අවුරුදු 30 කට ආසන්න කාලයක් පැවති යුදමය වාතාවරණය තුළ කොටි ත්‍රස්තවාදින් ඝාතනය කළ අවසන් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයා වන්නේද ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතායි.

Share this: