ජෙනරාල් ජෙෆ්රි ෆෙල්ට්මන් අද දිවයිනට

ජෙනරාල් ජෙෆ්රි ෆෙල්ට්මන් අද දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ ඉහළ දේශපාලන නිලධාරියෙකු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු නියෝජ්‍ය ලේකම් ජෙනරාල් ජෙෆ්රි ෆෙල්ට්මන් (Jeffrey Feltman) මහතා අද (28) දිවයිනට පැමිණීමට නියමිතය.
ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද සිට අඟහරුවාදා (මාර්තු 03) වන තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර ඔහු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය ජෙෆ්රි මහතාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර අන්‍යොන්‍ය අවබෝධය ප්‍රවර්ධනය සඳහා ඔහු ලාංකීය නායකයන් සමඟ විවිධ ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
උපුටා ගැනීම කොළඹ, ලංකාපුවත්
Share this: