ජුනි මසදී ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධනයක්

ජුනි මසදී ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධනයක්

ජූනී මාසයේදී, ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කරන බව මැතිවරණ මහකොමසාරිස් කාර්යාලය පවසයි.

තවද, එම කාර්යාලය සදහන් කලේ එහි එහි මූලික කටයුතු මේ මස 15 වන දින ආරම්භ කෙරෙන බවයි.

ජුනි මාසයේ සිට ඡන්ද නාම ලේඛන නිවෙස් වලට බෙදා හැරීමේ කටයුතු සිදුකෙරන අතර ජුනී මාසය අවසන් වන විට එහි බීසී ආකෘති පත්‍ර සම්පුර්ණ කර යළිත් ග්‍රාම නිලධාරින් වෙත බාරදීමට කටයුතු කරනු ලැබේ.

එම ආකෘති පත්‍ර වලට අත්සන් තැබීම ඔක්තොම්බර් මාසයේදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදුකරනු ඇත.

Share this: