ජීවිත 124ක් අහිමිවූ අධික සීතල!

ජීවිත 124ක් අහිමිවූ අධික සීතල!

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතියේ මෙම පිරිස මියගිය බවයි.

අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් සතුන් 70,000 ක් පමණ මිය ගිය බව වාර්තා වේ.

රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන ඇෆ්ගන් කාන්තාවන්ට තලේබාන් තහනම පනවා තිබීම හේතුවෙන් බොහෝ ආධාර ආයතන සිය මෙහෙයුම් නවතා දමා ඇතැයි පැවසේ.

කෙසේ වෙතත්, තලේබාන් සංවිධානය කියා සිටියේ උදව් නොමැතිව මිය ගිය පුද්ගලයින් සිටියද තම කණ්ඩායමේ තීරණය වෙනස් නොකරන බවයි.

Share this: