ඇල්පිටිය ප්‍රදේශයේදී රිය අනතුරකින් මිය ගිය කාන්තාවකගේ මරණය සැබවින් ම සැලසුම් සහගත ඝාතනයක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
පිටිගල පොලිසිය ප්‍රකාශ කළේ ජීවිත රක්‍ෂණ වන්දි ලබා ගැනීම සඳහා වින්දිතයාගේ සැමියා විසින් මෙම අපරාධය සැලසුම් කර ඇති බවයි.
පසුගිය අප්‍රේල් 30 වැනිදා පිටිගල තල්ගස්වල නියාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය අසළ මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් රිය අනතුරකින් ජීවිතය අහිමි විය.
පසුව මෙය සැලසුම් සහගත ඝාතනයක් බවට පොලිසිය අනාවරණ කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
40 හැවිරිදි මියගිය කාන්තාවගේ සැමියා 25 හැවිරිදි අයෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share this: