ආබාධිත රණවිරුවන් ප්‍රථිකාර ලබන අත්තිඩියේ පිහිටි මිහිඳු සෙත් මැඳුරේ, ආයුර්වේද ප්‍රථිකාර කටයුතු සඳහා, ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින්ගේ කාන්තා සංසදය විසින් රු. ලක්ෂ 5 ක මුදලක් පරිත්‍යාග කෙරිණි.
ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින්ගේ කාන්තා සංසදයේ සභාපතිනී ප්‍රියානි පියසේන මහත්මියගේ අතින් ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (4) පස්වරුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත එම මුදල පරිත්‍යාග කරනු ලැබුවේ.
රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් යුද්ධයේදී ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් පිළිබඳව නිතරම අවධානය යොමුකරන මෙන් කාන්තා නියෝජිතයන් හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසුවේය.
එමෙන්ම රණවිරුවන් වෙනුවෙන් මෙවැනි පරිත්‍යාගයන් සිදුකිරීම පිළිබඳව තම ගෞරවය පිරිනමන බවද ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින්ගේ කාන්තා සංසදයේ නියෝජිතයන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ පී ජී කිත්සිරි මහතා ඇතුළු ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින්ගේ කාන්තා සංසදය නියෝජනය කරන නියෝජිතවරියන්ද සහභාගිවිය.