සී.සී.ටී.වී.දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති, ජා ඇල ප්‍රදේශයේ උකස් ආයතනයක සිදුවු කොල්ලකෑම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව ආයතන හිමිකරු ප්‍රකාශ කර ඇති බව පොලීසිය පවසයි.
පසුගිය අගෝස්තු මස 15 වැනිදා ජා ඇල ප්‍රදේශයේ උකස් ආයතනයකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සේවය කළ කාන්තාවන් දෙදෙනා බිය ගන්වා රුපියල් ලක්ෂ 6ක මුදල් සහ රුපියල් 53,760,000ක් වටිනා රන් භාණ්ඩ කොල්ල කා පළාගොස් ඇති අතර, අදාළ කොල්ලකෑම සිදුවන අවස්ථාවේ උකස් ආයතනය අසල වෙළෙඳසැලක සවිකර තිබු සී.සී.ටී.වී.කැමරාවක කොල්ලය සඳහා පැමිණි තවත් පුද්ගලයෙකුගේ දර්ශන පටිගත වී ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව එම දර්ශන මේ වන විට මාධ්‍ය වෙත ලබාදී ඇත.
ඒ බැවින් ඔහු පිළිබඳ තොරතුරක් දන්නේ නම් 011 223 62 22 , 011 223 61 31, 0718 591 603 හෝ 0785 308 291 යන අංක අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලිසීය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.