ජාතීන් අතර එකමුතුකම ඇතිකිරීම අපට ඇති ලොකුම අභියෝගයි

ජාතීන් අතර එකමුතුකම ඇතිකිරීම අපට ඇති ලොකුම අභියෝගයි

වර්තමානයේ අපට මූණ දීමට  ඇති ලොකුම අභියෝගය වනේ ජාතීන් අතර එකමුතුකම ගොඩනැගීම බව ඇති කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනතාව තුළ වෛරය ක්‍රෝධය අඩුවී නැත. එම තත්වය සමනය කළ හැක්කේ  ජාතික ප්‍රශ්ණය විසඳීම සඳහා ආගමික සංහිදියාව ඇති කළ යුතුය.

මෙම ජාතින් අතර සමගිය ඇති කිරීමෙහි ලා ප්‍රධාන කාරිය බහරයක් ඉටුකළ හැක්කේ ආගමික නායකයින්ට පමණි.

ඒ සඳහා අප විසිනුත්  සුවිශේෂි කාර්යක් ඉටුකලුතු  බව වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ, පූජ්‍ය ඉත්තෑපානේ ධර්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානයේ ඊයේ(01) පස්වරුවේ පැවතුනු අවස්ථාවේදීය.

එසේම පසුගිය  කාලයේ නැතිවී ගිය විදෙස් රටවල ශ්‍රී ලාංකාව කෙරෙහි පැවති විශ්වාසය යළි ගොඩනැගීමට රජය කටයුතු කරමින් පසිටින බවද වික්‍රමසිංහ මහතා කියාසිටියේය.

අතුරුදහන් වූ ජනතාව උතුරු සහ නැගෙනහිර පමණක් නොව දකුණේත් සිටිති. ඔවුන් පිළිබඳ සොයාබලා ඔවුන්ගේ ලේඛණයක් සැකසීමට ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. හමුදා පාලනය යටතේ පැවති  ඉඩම් නැවත ජනතාවට ලබාදීමට ක්‍රියාකෙරේ.

තවද රටේ ආරක්ෂාවට බාධාවක් නොවන සේ  අරලිය ගහ මන්දිරයේ අවට ගොඩනැගිලිද අයිතිකරුවන්ට නැවත පවරාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

දෙමල ජාතික සන්ධානය මෙන්ම අනෙකුතු පක්ෂ සමඟද එකතුවී රට ගොඩනැගීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

Share this: