ආගමික හා වාර්ගික එදිරිවාදිකම්වලට අනුබල දෙන ආකාරයේ අදහස් දැක්වීම් තහනම් කිරීමටත් එසේ සිදු කරන්නන්ට දඩුවම් පැමිණවීමටත් අවශ්‍ය ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කොට නීති කෙටුම්පත් සම්පාදක මණ්ඩලයක් විසින් සම්පාදනය කරනු ලැබූ සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනුමැතිය සදහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙම යෝජනාව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද්දක් බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.
ජනවාර්ගිකත්වය සහ ආගම සම්බන්ධයෙන් සිදු කරන වෛරය දනවන ප්‍රකාශනයන් නිසා සිදු වන හානි වැළැක්වීමට නීති පැනවිය යුතු බවත්,එම නීති තරයේම බලාත්මක කළ යුතු බවට එම කොමිසම ද නිර්දේශ ඉදිරිපත් කර තිබු බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.
සටහන සී. එදිරිමාන්න
Share this: