ජාතිය අමතමින් ජනපති ඉල්ලීම කරයි

ජාතිය අමතමින් ජනපති ඉල්ලීම කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, පසුගිය කාලයේදී අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිසම පවා රාජ්‍ය පාලකයින්ගේ දුරකථන ඇමතුම් වලට යටත් වී තිබු බවයි.
දින 100 වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඊයේ රත්‍රීරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා කියා සිටියේය, අද වනතුරු අදාළ කොමිසන් සභාව වෙත හෝ අධිකරණයේ කිසිදු පුද්ගලයෙකු සමඟ මේ වන විට තමා දුරකථනයෙන් කතා කොට කිසිදු බලපෑමක් කර නොමැති බවත්, එය ස්වාධීන ආයතන බවත්ය.

එසේම ඔහු අවදාරණය කලේ මෙරට තුළ නැවතත් යුද්ධයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත්, ඇතැම් ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ මෙරට තුළ අනන්තයට ගිය ජාතිවාදය වපුරවමින් සිටින බවත්ය.

එමගින් ජාත්‍යන්තරයට වැරදි ලකුණක් යන බවත්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්හ.

තවද පසුගිය උතුරේ මුල් අයිතිකරුවන්ට ඉඩම් ලබාදීම සිදුකළ බවත්, එය වැරැද්දක් නොවන බවත්, එම ජනතාවට අයිති දේ ඔවුන්ට ලබාදිය යුතු බව එතුමා අවධාරණය කළහ.

තවද ඒ මහතා කියා සිටියේය, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන් එම ඉඩම් ලබාදුන් බවත්, ඒ පිළිබඳත් ඇතැම් පිරිස් වැරදි මත ගොඩ නගන බවත්ය.

තවද පසුගිය කාලය තුළ බිඳවැටී තිබු ජාත්‍යන්තර සබඳතා යළි ස්ථාපනය කර ඇති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සියලුම පක්ෂවලින් සහයෝගය ඉල්ලා සිටින බවත්, එමගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ජාත්‍යන්තරය තුළට රැගෙන යා හැකි බවත් ය.

Share this: