ජාතික හැඳුනුම්පත් 8 හා විදෙස් ගමන් බලපත්‍ර 22 සමග අයෙක් අත්අඩංගුවට

ජාතික හැඳුනුම්පත් 8 හා විදෙස් ගමන් බලපත්‍ර 22 සමග අයෙක් අත්අඩංගුවට

පුද්ගලයින් රැසකගේ ජාතික හැඳුනුම්පත් සහ විදෙස් ගමන් බලපත්‍ර ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, උඩප්පුව සිට හලාවත දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මෙය පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 22ක් සහ ජාතික හැඳුනුම්පත් 8ක් සොයාගත් බවයි.

මෙම සැකකරු මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this: