ජාතික සම්මේලනයේදී පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දෙනවා

ජාතික සම්මේලනයේදී පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දෙනවා

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ* ජාතික මහා සම්මේලනයේදී එම පක්‍ෂයේ නායකත්වය හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක, මහින්ද රාජපක්‍ෂ මහතාට භාරදෙන බව පක්‍ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමැතිවරයකු වූ බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

පක්‍ෂයේ ප‍්‍රථම ජාතික මහා සම්මේලනයේදී යෝජනා ස්ථිරත්වයෙන් මෙය සිදුකරන බව ද හෙතෙම සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟුණේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් බවත්, එම පරමාදර්ශී නායකයා එළඹෙන 11 වැනිදා නිල වශයෙන් පක්‍ෂ නායකත්වයට පත් වූ පසු එදිනම ජනාධිපති අපේක්‍ෂකයා රටට හෙළි කරන බවත් බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂවල හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදෙන අනෙකුත් සියලූ දේශපාලන පක්‍ෂවල එකඟතාවයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති අපේක්‍ෂකයා නම් කෙරෙන බව ද බැසිල් රාජපක්‍ෂ මහතා පැවැසීය.

පක්‍ෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී 11 වැනිදා (ඉරිදා* පස්වරු 3.00 ට පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කර තිබෙන බවත්, එහිදී පක්‍ෂ නායකත්වය භාරදීම හා ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා රටට හෙළිකිරීම සිදු කරන බවත් හෙතෙම පැවසීය.

මෙම සම්මේලනයට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පොහොට්ටුව සමඟ මුල සිටම සහයෝගයෙන් කටයුතු කළ දේශපාලන පක්‍ෂවලට නිරීක්‍ෂකයන් ලෙස සහභාගි වන ලෙසට ආරාධනා කර තිබෙන නමුත් පක්‍ෂයක් ලෙසට ශ‍්‍රීලනිපයට ආරාධනයක් නොකළ බවත් හෙතෙම සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය මේ වන විට ඉවත් කරගෙන තිබෙන බව ද බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ ඊයේ (08 දා* පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, ලේකම් සාගර කාරියවසම් යන මහත්වරු එක්වූහ.

Share this: