ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන් ….(ඡායාරූප සමඟ)

ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන් ….(ඡායාරූප සමඟ)

ජාතික රණවිරු දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20 ) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

මානුෂිය මෙහෙයුමේදි මියගිය රණවිරුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්ධතාවයකින් පසුව රණවිරු සැමරුම් උළෙල ආරම්භ වූ අතර ජනාධිපතිතුමා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුථ මැති ඇමතිවරුන්ද, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුලූ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින් ද, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆෝන්සේකා මැතිණිය ඇතුථ එහි සාමාජික සාමාජිකාවන්ද,කොබ්බෑකඩුව මැතිනියද, රණවිරු පවුල්වල සාමාජිකයින්ද මීට එක්ව සිටියහ.

ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

Share this: