ජාතික රණවිරු උත්සවය අභිමානවත් ලෙස සැමරීමට පියවර

ජාතික රණවිරු උත්සවය අභිමානවත් ලෙස සැමරීමට පියවර

ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධයෙන් මියගිය ජාතියේ රණවිරුවන්ට උපහාර දැක්වීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මූලික සාකච්ඡාවක් මැයි 08 ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජාතික රණවිරු සැමරුම් උත්සවය මැයි 19 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ.

Share this: