ජාතික පාසල් සදහා විදුහල්පතිවරු 106 ක් බඳවා ගැනේ

ජාතික පාසල් සදහා විදුහල්පතිවරු 106 ක් බඳවා ගැනේ

මේ වන විට පුරප්පාඩු වී ඇති සහ 2015.12.31 දිනට පුරප්පාඩු වීමට නියමිත ජාතික පාසල් 106 ක් සදහා විදුහල්පතිවරුන් තෝරා ගැනීමක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

තවද, ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1,11,111 පන්තියේ නිලධාරින්ගෙන් සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් අතුරෙන් සුදුසු විදුහල්පතිවරුන් තෝරා ගැනීම සදහා අදාළ පුවත්පත් නිවේදනය 2015.04.01 දින දිනමිණ හා තිනකුරන් පුවත්පත් මඟීන් ප්‍රකාශයට පත් වේ.

බස්නාහිර පළාතේ පාසල් 09 ක්, මධ්‍යම පළාතේ පාසල් 15 ක්, දකුණු පළාතේ පාසල් 23 ක්, උතුරු පළාතේ පාසල් 16 ක්, නැගෙනහිර පළාතේ පාසල් 10 ක්, වයඹ පළාතේ පාසල් 11 ක්, ඌව පළාතේ පාසල් 12 ක් හා සබරගමුව පළාතේ පාසල් 10 ක් ඇතුළත් වී ඇත.

ඒ සදහා අදාළ අයදුම්පත් 2015.04.01 දින සිට 2015.04.30 දක්වා භාර ගන්න බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

Share this: