ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැයි 03 වැනිදා සිදු කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පදනම්ව මෙම පත්කිරීම් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.
ඒ අනුව, මීට පෙර ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ ඩබ්ලිව්.සුධර්මා කරුණාරත්න මහත්මිය විසින් මෙම කොමිසමේ සභාපතිත්වය දරනු ඇත.
මේ අතර එහි සාමාජිකයින් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේර, ඩී.පියසිරි දරණගම, සුමන්තිරන් සින්නකඳු සහ ඒ.ජී.පුබුදු අසංග ගුණවර්ධන කටයුතු කරනවා.
මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත රාජ්‍ය නායකයාගේ නියෝග මත මුදල් කොමිෂන් සභාවට නව සාමාජිකයින් තිදෙනෙකු පත් කෙරුණා.
ඒ අනුව සුමිත් අබේසිංහ මහතා මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර තුවාන් නලින් ඔසන් සහ මයීන් වමදේවන් එහි සාමාජිකයන් ලෙස කටයුතු කරයි.