ජාතික නිදහස් පෙරමුණේ කොළොන්නාව අාසනයේ ප්‍රධාන සංවිධායක හ්‍ේමසිරි අමරසිංහ මහතාගේ සංවිධානත්වයෙන් “දිනුදේශය රැකගනිමු ජනතා පවුර” නමින් මෙහෙයුම් කාර්‍යාලයක් මුල්ලේරියාව රාහුල විද්‍යාලය ඉදිරිපිටදී විවෘත කිරීමට සියලු කටයුතු මේවන විට සංවිධානය වෙමින් පවතී.
හෙට (30) පස්වරු 5ට යෙදෙන සුභ මොහොතින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය වර්තමාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාගේ ප්‍රධානත්වයේන්, ජාතික නිදහස් පෙරමුණේ පලාත් හා ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ හා පාක්ෂිකයන්ගේ සහභාගීත්වයෙන් මෙහෙයුම් කර්යලයක් විවෘත කිරීමට නියමිතය.
විමල් වීරවංස මහතා කොළොන්නාව කාර්යාලය මෙසේ විවෘත කරන්නේ ඉදිරි මහ මැතිවරණයෙන් බහුතර බලය දිනා ගෙන අනෙකුත් සියලූ දේශපාලන පක්‍ෂ ද එකට ඒකරාශී කර ගනිමින් අලූත් ආණ්ඩුවක් රටේ ඇති කිරීමට වෙර දරණ ප්‍රධාන පෙලේ දේශපාලන පක්‍ෂ නායකයින් අතර සිටින පුරෝගාමියා ලෙස කොලොන්නාව ජනතාවටත් “දිනුදේශය රැකගනිමු ජනතා පවුර” හි පාර්ශව කරුවන් වීමට අවස්ථාව ලබාදීමට බව පැවසේ.