ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී

ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී

රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් ඉස්ලාම් බැතිමතුන් විසින් සංවිධානය කරන ලද ජාතික ඉෆ්තාර් උත්සවය අඟහරුවාදා (අප්‍රේල් 18) අරලියගහ මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ජාතික සංහිඳියාව වෙනුවෙන් ආශිර්වාද පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පසුගිය දශක කිහිපය තුළ ජාතික සමගිය ඇති කිරීමට මුස්ලිම් ජනතාව සක්‍රීයව දායක වූවා සේම එය අනාගතයට ගෙන යමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට දායක වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Share this: